News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

ජනපති ආර්යාව ගමන් කළ ගුවන් යානය දුමෙන් පිරෙයි.

1322 Views


ජනපති ආර්යාව ගමන් කළ ගුවන් යානය දුමෙන් පිරෙයි.

ඇමරිකා ජනපති ආර්යා මෙලනියා ට‍්‍රම්ප් ගමන්ගත් ගුවන්යානය දුමකින් පිරීම හේතුවෙන් යානය ආපසු හරවා ගොඩබස්වා තිබෙනවා. එය සුළු තාක්ෂණික ගැටලූවක් බවත් සියලූ දෙනා ආරක්ෂා සහිතව සිටින බවයි ඇයගේ ප‍්‍රකාශකයෙකු පවසා ඇත්තේ.

ෆිලඩෙල්ෆියාව වෙත ගමන් කිරීම සඳහා ගුවන්ගතවූ යානය ගමන් ආරම්භ කර විනාඩි දහයකට පසු මෙම දුමාරයෙන් ගුවන් යානය පිරී තිබුණා. පසුව යානය ආපසු හරවා ගොඩබස්වා ඇති අතර පසුව මෙලනියා ෆිලඩෙල්ෆියාව වෙත ගමන් කර ඇත්තේ වෙනත් ගුවන් යානයකින්.

තනිව ගමන් කළ දීර්ඝතම චාරිකාව සනිටුහන් කරමින් මෙලනියා ට‍්‍රම්ප් ඝානාව,මලාවි, කෙන්යාව සහ ඊජිප්තුව යන අප‍්‍රිකානු රටවල් වල සංචාරය කලා.


News Articles
Latest Videos
Most Popular Post