ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දියා අතර මිත‍්‍රත්වය පලූදු කිරීමේ කුමන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක බව ආණ්ඩුවෙන් ඉවත් වූ 15 දෙනාගේ කණ්ඩායම පවසනවා.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක මහතා මේ බව සදහන් කළේ ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින්. ජනාධිපතිතුමා ඝාතන කුමන්ත‍්‍රණයක් ඇතැයි ඉන්දිය රහස් ඔත්තු සේවය සම්බන්ධ කර පල වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන එස් බී දිසානායක සහ දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් එහිදී අදහස් පළ කළා.