පසුගිය දවස් වල වැඩි වුණ පෙට්‍රල් මිල ගැන නම් සාමාන්‍ය ජනතාව අතරෙ තියෙනෙ ඒ තරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. ජනතාවට සහනයක් දෙන්න බලාපොරොත්තුවෙන් තව සති තුනක් වගේ කාලයක් ඇතුළත මිලෙන් අඩු පෙට්‍රල් වර්ගයක් සූදානම් කරලා තියෙනවා කියලා ඛනිජ තෙල් සම්පත් සහ ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියනවා.
වැඩිම පිරිසක් භාවිතා කරන ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා තමයි මේ විදිහට මිලෙන් අඩු පෙට්‍රල් වර්ගයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නෙ.
ඒත් මේ පෙට්‍රල් වර්ගය දෙන්න පුළුවන් අමතර ටැංකි තියෙන පිරහුම් හලවල් වලට විතරයි කියලත් අමාත්‍යවරයා කියලා තියෙනවා.
දැනට තියෙන පෙට්‍රල් වලට වඩා රුපියල් හතකින් මේ අලුත් පෙට්‍රල් වර්ගය මිලෙන් අඩු වෙනවා.