ඉදිරි මහ කන්නය සඳහා ලබන 25 වනදා සිට ජලය නිකුත් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල කළමනාකරණ හා පුහුණු අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පලූගස්වැව මහතා ප‍්‍රකාශ කළේ, ජල පාලන කමිටුව රැස්වී මෙම තීරණය ගත් බවයි.
පවතින වැසි සමග වගා කටයුතු ආරම්භ කරන ලෙස ගොවි ජනතාවට දැනුම් දී තිබෙනවා. දිවයිනට පවතින තද වැසි තත්වය මහ කන්නයේත් පවතිනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.අදත් දිවයින පුරා තද වැසි අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කලේ මධ්‍යම ඌව සබරගමුව පළාත් වලත් අම්පාර මඩකලපුව ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්ක වලත් මිලි මීටර 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි. සෙසු ප‍්‍රදේශ වලට මිලි මීටර 100 ක් දක්වා වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප‍්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.