News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
22

DIG නාලක ද සිල්වා සී අයි ඞීය හමුවට

429 Views


DIG නාලක ද සිල්වා සී අයි ඞීය හමුවට

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා මීට සුලු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. මේ වනවිට ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙකු සදහන් කළේ.

නාලක ද සිල්වා මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත්තේ තුන්වන දිනටයි.ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 18 වනදා ද ඔහුගෙන් පැය 9ක ප‍්‍රකාශයක් සටහන් කර ගත්තා. ඒ එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි පසුගිය 17 වනදා කල දැනුම් දීමකට අනුව නාලක ද සිල්වා මහතා එහි පැමිණි අවස්ථාවේදීයි.

ඝාතන කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් පසුගිය මස 12 වනදා කරුණු අනාවරණය කල අතර එම පරික්ෂණ මත නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ වැඩ තහනම් කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post