News Line| Off Air
Generic placeholder image

Oct
22

අවුරුදු පහකට ඇතිවෙන්න වාහන ලංකාවට ගෙනත් ඉවරයි

1176 Views


අවුරුදු පහකට ඇතිවෙන්න වාහන ලංකාවට ගෙනත් ඉවරයි

දැනට ලංකාවෙ වාහන අලෙවිකරුවන්ගෙ ගබඩා අංගනවල වසර පහකට විතර සෑහෙන්න වාහන තොගයක් ගාල් කරලා තියෙනවා කියලා රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ අලුත්ම සමීක්ෂණ වලින් පෙන්වලා දීලා තියෙනවා.

ලංකාවේ ප්‍රවීණ ආර්ථික විද්‍යාඥයින් පිරිසක් වාහන වෙළෙඳපොළ ගැන කරපු අධ්‍යනයකින් මේ තත්ත්වය අනාවරණය වෙලා තියෙනවා.

මේ රටට අවුරුද්දකට ඕනි කරන වාහන අවශ්‍යතාවය 45,000 ක් වගේ වෙනවා. මේ වෙනකොට රටට ආනයනය කරලා තියෙන කාර් රථ සංඛ්‍යාව 2 ,34 , 000 ක්. ලංකාවෙ වාර්ෂික ද්විත්ව කාර්ය වාහන අවශ්‍යතාවය 4000ක් විතර වෙනවා. මේ වෙනකොට මේ අවුරුද්දේ මේ වර්ගයේ වාහන 24 , 276 ක් තියෙනවා. වාර්ෂික ආනයන ත්‍රීරෝද රථ ගණන 1,68,419 ක් ගාල් කර තියෙන්නෙ අලෙවිය කරන්නයි. රටේ වාර්ෂික මෝටර් සයිකල් අවශ්‍යතාවය 30 ,00,00 ක්. දැනට මෝටර් සයිකල් අලෙවිකරුවන් ලඟ අලෙවි කරන්න තියෙන මෝටර් සයිකල් ගණන 9,43,920 ක්.

අවුරුදු 5 කට සරිලන්න වාහන ආනයන කිරීම රටේ බරපතළ විදේශ විනිමය අර්බුදයට ප්‍රධාන හේතුවක් කියලා සමීක්ෂණය කරපු විද්වතුන් පෙන්වලා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post