දිවයිනේ ප‍්‍රදේශ රැසකට අදත් මිලිමීටර 150 දක්වා වන තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ බස්නාහිර මධ්‍යම ඌව සබරගමුව සහ දකුණු පළාත්වලට එම වැසි ඇති විය හැකි බවයි
කන්කසන්තුරේ සිට පුත්තලම කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශ වලට ද ඉදිරි පැය කිහිපය තුල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වනවා.තද සුලං ඇති වීමත් සමග එම මුහුදු ප‍්‍රදේශ රලූ විය හැකියි,ඒ හේතුවෙන් ධීවර හා නාවික ප‍්‍රජාව අවධානයෙන් පසු වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
මාධ්‍යම කඳුකරයට ඇද හැළෙන ධාරාණීපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට වික්ටෝරියා ජලාශයේ ස්වයංක‍්‍රීය දොරටු 2ක් විවෘත වී තිබෙන අතර ඉදිරි මහ කන්නය සඳහා ජලය නිකුත් කිරීමේ කටයුතු අද සිට සිදු කිරීමට නියමිතයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පලූගස්වැව මහතා ප‍්‍රකාශ කළේ, ජල පාලන කමිටුව රැස්වී මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව පවතින වැසි සමග වගා කටයුතු ආරම්භ කරන ලෙස ගොවි ජනතාවට දැනුම් දී තිබෙනවා
මේ අතර අධික වැසි හේතුවෙන් මහනුවර නුවර එළිය සහ මාතලේ දිස්ත‍්‍රික්ක වලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයාම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා