රාජකාරී මට්ටමෙන් අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆෝන්සේකා මහතා සමග සබදතා පවැත්වූ බව රක්ෂිත බන්ධනාගාර ගත කල නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා රහස් පොලීසිය හමුවේ පවසා තිබෙනවා
රහස් පොලීසිය විසින් ඊයේ සිදු කල ප‍්‍රශ්න කිරීම් වලදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ ප‍්‍රධානියා ලෙස රාජකාරී මට්ටමින් උපදෙස් ලබා ගැනීම සදහා අවස්ථා කිහිපයකදී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆෝන්සේකා මහතා හමු වූ බවයි
එහිදී ත‍්‍රස්ත මර්දන කටයුතු පිළිබදව අමාත්‍යවරයාගෙන් වෘත්තීය මට්ටමෙන් උපදෙස් ලැබුනු බව ද ඔහු සදහන් කර තිබෙනවා
රහස් පොලීසිය වැඩිදුරටත් සිදු කල ප‍්‍රශ්න කිරීම් වලදී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ප‍්‍රකාශ කර ඇත්තේ තමන් යුධ හමුදා බුද්ධි අංශ නිළධාරීන් සමග ද සම්භන්ධතා පැවැත්වූ බවයි
සිය වෘත්තිය කටයුතු වලදී තොරතුරු හුවමාරු කර ගැනීම වැනි කරුනු සදහා එම සබදතා පැවැත්වූ බව ඔහු සදහන් කර තිබෙනවා