News Line| Off Air
Generic placeholder image

Oct
28

තොන්ඩමන්ගේ සහයත් මහින්දට

557 Views


තොන්ඩමන්ගේ සහයත් මහින්දට

වත්මන් රජයෙන් තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාගන්නා ලෙසට ආරාධනාවක් ලැබුණහොත් තමන් එම අමාත්‍ය ධුරය භාර ගන්නා බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හා නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසිය.

ආරුමුගන් තොණ්ඩමන් මහතා ඒ බව පැවසුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ලබා දිමට කැමැත්ත ප්‍රකාශ කිරිමත් සමඟ හැටන් නගරයේදි තොන්ඩමන් මහතාව අද (28) පිළිගැනිම සඳහා පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු තොණ්ඩමන් මහතා කියා සිටියේ වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු1000 දක්වා වැඩි කිරිමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වු බවත්, එම පොරොන්දුව කඩිනමින් ඉටු කිරිම සඳහා තම පක්ෂයේ පුර්ණ සහයෝගය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post