News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

පළමු වසරට ඇතුළත් කිරීම ගැන බස්නාහිර පළාත් සභාව පැහැදිළි කිරීමක් අපේක්ෂාවෙන්

666 Views


පළමු වසරට ඇතුළත් කිරීම ගැන බස්නාහිර පළාත් සභාව පැහැදිළි කිරීමක් අපේක්ෂාවෙන්

බස්නාහිර පළාතේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කරගැනීමේ නිර්ණායක පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිසි පැහැදිළි කිරීමක් අපේක්ෂා කරන බව පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ පවසනවා.
පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කරගැනීමේ ජාතික චක්‍රලේඛයේද ගැටළු පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ. බස්නාහිර පළාත් සභාව ඒ සඳහා ඉදිරිපත් කළ නිර්ණායක නීතිපති දෙපාර්තමේන්තුව විසින් පිළිගෙන නැහැ.
එහෙත් නව ක්‍රමවේදයක් යටතේ බස්නාහිර පළාතේ පාසල්වලට ළමයින් ඇතුළත් කරගැනීමේ ක්‍රියාවලිය විධිමත් කළයුතු බවයි පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ පෙන්වා දෙන්නේ. බස්නාහිර පළාතේ ක්‍රියාත්මක පාසල් සංඛ්‍යාව 1350 කට අධිකයි.


News Articles
Latest Videos
Most Popular Post