ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස තමාව පත්කිරීම ව්‍යවස්ථානුකූලව සිදු කර ඇති බව නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අග‍්‍රාමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ නව ධූරයේ දිවුරුම් දීමෙන් පසු ප‍්‍රථම වරට අද මහනුවර මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක උන්වහන්සේලා වෙත අදහස් දක්වමින්.
පාර්ලිමේන්තුවේ 120 කට අධික බහුතර බලයක් තහවුරු කර ගැනීමෙන් පසු ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බව මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප‍්‍රකාශ කලා. මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ බහුතර බලය තමා සතු බවයි.
ජනාධිපතිවරයා ගනු ලැබු මෙම බරපතල තීන්දුව පැහැදිලි අවබෝධයකින් යුතුව ගෙන ඇති බව මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් සදහන් කලා.
අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් පසු දෙපාර්ශවය අතර වන ගිවිසුම අවලංගු වන බැවින් පැවති කැබිනට් මණ්ඩලය අහෝසී වී යන බව යි.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව නව අග‍්‍රාමාත්‍යවරයෙකු පත්ව සිටියදී රනිල් වික‍්‍රමසිංහ මහතා තමා තවදුරටත් අග‍්‍රාමාත්‍යවරයා බව පවසමින් අරලියගහ මන්දිරය තුල රැදී සිටීම කණගාටුවට කරුණක් බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කලා.
නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ පසුගිය 26 වනදා යි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය එදින ජාතික ආන්ඩුවෙන් ඉවත් වීමේන් අනතුරුව මෙම නව පත් කිරීම සිදු කලා.