හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ශාව ඉවත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රභූ රථ සහ පුද්ගලික ආරක්ශාව අඩු කරන ලෙස ජනපතිවරයා නියෝග කර ඇති බවයි.
කෙසේ වෙතත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අරලියගහ මන්දිරයේ රැදී සිටින බව වාර්තා වනවා.