හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බව දක්වමින් අරලිය ගහ මන්දිරයට රැස් වූ සියලූ පාරිලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. මෙයට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහාතාට සහය පළකිරීමට සිටින බවට පළ වන වාර්තා නිසා.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානයක මහතා සියතට ප්‍රකාශ කළේ එජාපයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15ත් 20ත් අතර ප්‍රමාණයක් නව අග්‍රාමාත්‍යවරයාට ඉදිරියේදී සහය දැක්වීමට එක්වන බවයි. පසුගිය 26වනදා නව අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමත් සමඟ එතුමාට සහය පළකිරීමට එක් වුණු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතාද පැවසුවේ එජාපයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20ක් පමණ ඉදිරියේදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක් වීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.
මේ අතර තමා විසින් අත්සන් කරන ලද දිවුරුම් ප්‍රකාශයේ ඡායාරූපයක් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාද තම ෆේස්බුක් පිටුවේ පල කර තිබුණේ මේ ආකාරයටයි.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා හැර නොයන බවට මුද්දරයක් උඩ අත්සන් කර එම මන්ත්‍රීවරුන් තම දිවුරුම් ප්‍රකාශය අරලියගහ මන්දිරයට භාර දී තිබෙනවා.