News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

පළමු වරට ජනපති අගමැති වප්මඟුලේදි හමුවේ

1259 Views


පළමු වරට ජනපති අගමැති වප්මඟුලේදි හමුවේ

2018 ජාතික වප් මගුල් උත්සවය මේ වනවිට තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේදී ආරම්භ වී තිබෙනවා. ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

මහ කන්නයේ කුඹුරු අස්වැද්දීම චාරිත‍්‍රානූකූලව රාජ්‍ය නායකයාගේ ප‍්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කිරීම වප් මගුල් උත්සවයේදී සිදු කෙරෙනවා. මහ කන්නය සඳහා කුඹුරු අස්වැද්දීමට ප‍්‍රධාන ජලාශවලින් වාරි ජලය නිකුත් කළේ පසුගිය 27 වනදායි.

කුඹුරු අස්වැද්දීමේ කටයුතු වර්ෂා ජලය උපයෝගී කරගනිමින් සිදුකිරීම තුළින් ජලාශවල ජලය කලමනාකරණය කරගත හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කළේ.

කෘෂිකර්මාන්තයට නව තාක්‍ෂණය යොදා ගැනීම සදහා ගොවීන් උනන්දු කරවීම මෙම වප් මගුල් උත්සවයේ අරමුණයි.මෙවර වප් මගුල් උත්සවයේ තේමාව ”අපි වවලයි අපි කන්නේ” ලෙසින් නම් කොට තිබේ.


News Articles
Latest Videos
Most Popular Post