News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

ඛනිජ තෙල් වර්ජනය නිසා ඉන්ධන අලෙවිසැල් වල දිගු පෝලිම්

576 Views


ඛනිජ තෙල් වර්ජනය නිසා ඉන්ධන අලෙවිසැල් වල දිගු පෝලිම්

දෙමටගොඩ ප‍්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් මේ වනවිට එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ 34 හැවිරිදි කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. තවත් එක් පුද්ගලයෙකු තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලිසිය සදහන් කළේ.

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ඊයේ පැමිණි අවස්ථාවේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයක් මත ඔහුගේ ආරක්ෂකයෙකු මෙම වෙඩි තැබීම සිදුකළා. හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සිය බඩුබාහිරාදිය ගැනීමට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථා පරිශ‍්‍රයට පැමිණි අවස්ථාවේ ඔහුගේ ආරක්ෂකයකු වෙඩි තැබීම සිදු කර තිබූ එම වාතාවරණය ජංගම දුරකථන කැමරාවක පටිගත වී තිබුණා.

වෙඩි තැබීම සිදුකල ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර දෙමටගොඩ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය ද යෙදවීමට පියවර ගැනුණා. එම අවස්ථාවේදී සංස්ථා පරිශ්‍රෙය් සිර වී සිටි හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම බලකායේ නිල ඇඳුමක් අන්දවා ගොඩනැගිල්ලෙන් පිටතට රැගෙන යාමට පියවර ගනු ලැබුවා.

මීට අමතරව මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් වැඩ වර්ජනයක්ද ආරම්භ කොට තිබෙනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා ලෙසයි. කෙසේ වෙතත් දිවයින පුරා තෙල් අලෙවි සැල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post