News Line| Off Air
Generic placeholder image

Oct
29

නව අගමැති පෙරවරු 11.50 ට යෙදුණු සුභ මොහොතින් වැඩ අරඹයි

670 Views


නව අගමැති පෙරවරු 11.50 ට යෙදුණු සුභ මොහොතින් වැඩ අරඹයි

නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සිය ධූරයේ වැඩ භාර ගත්තා. ඒ පෙරවරු 11 යි 50 ට යෙදුණු සුබ මොහොතින් මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ අග‍්‍රාමාත්‍ය කාර්්‍යාලයේදීයි.

නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ පසුගිය 26 වනදා රාත‍්‍රියේදීයි. නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද අද ජනාධිපතිතුමා ඉදිරියේ දිව්රුම් දීමට නියමිතයි. අමාත්‍ය මණ්ඩලයේ මුලූ අමාත්‍යවරුන් සංඛ්‍යාව 30 නොඉක්මවිය යුතුයි.

කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාවේ එකතුව 40 නොඉක්මවිය යුතු බව 19 වන ව්‍යස්ථා සංශෝධනයේ සදහන්. මේ අතර රජයේ නව මාධ්‍ය ප‍්‍රකාශකවරු ලෙස පර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් වන මහින්ද සමරසිංහ සහ කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන් පත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post