ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වලින් ඉවත් වි තිබෙනවා. ඉන්ධන පිරවුම්හල් එහි සේවකයන් පවසන්නේ සිය පිරවුම්හල්වල තිබෙන ඉන්ධන අවසන් වන තුරු ඉන්ධන ලබා දෙන බවයි.
ඊයේ පස්වරුවේ ඛනිජ තෙල් සංස්ථාවේ ඇති වූ නොසන්සුන්තාවයෙන් සිය සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්වීමට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබෙනවා.
වර්ජනයේ නිරත වන්නන් පවසන්නේ නොසන්සුන්තාවයට හේතුවූ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගන්නා තුරු වර්ජනය අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බවයි.
හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ඊයේ පැමිණි අවස්ථාවේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයක් මත ඔහුගේ ආරක්ෂකයෙකු සිදු කළ වෙඩි තැබීමකින් ඛනිජතෙල් වෘත්තීය සමිති සාමාජිකයෙකු මියගියේ ඊයේ පස්වරුවේදීයි.