අතුරුදන් වූ බව කියූ බොයිං 737 වර්ගයේ ගුවන් යානය කඩා වැටී ඇති බව ඉන්දුනීසියානු බලධාරීන් අනාවරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ ගුවන් යානයේ ගමන් කළ මගීන් පිළිබඳව බලධාරීන් විසින් තොරතුරු තහවුරු කරගනිමින් ඇති බවයි.
අනතුරට ලක්වන අවස්ථාවේ යානයේ මගීන් 188 දෙනෙකු සිට තිබෙනවා. යානය අනතුරට ලක්ව තිබුණේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට සුමාත‍්‍රා දූපතේ පැන්ග්කාල් පිනෑන්ග් බලා පියාසර කරමින් සිටියදීයි.
එම යානය ගුවන්ගත කර විනාඩි 13 කින් ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානය සමග පැවති සබඳතා ගිලිහී ගොස් පසුව මුහුදට කඩාවැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.