News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

තෙල් ප්‍රශ්නයේ සම්පූර්ණ විස්තරය

1057 Views


තෙල් ප්‍රශ්නයේ සම්පූර්ණ විස්තරය

ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති ඊයේ රාති‍්‍රයේ සිට ආරම්භ කර ඇති වර්ජනය තවදුරටත් කි‍්‍රයාත්මකයි. මේ වනවිට දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලින් සේවකයින් ඉවත්ව සිටිනවා.

මේ වනවිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අවට දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. ඉන්ධන පිරවුම්හල් එහි සේවකයන් පවසන්නේ සිය පිරවුම්හල්වල තිබෙන ඉන්ධන අවසන් වන තුරු ඉන්ධන ලබා දෙන බවයි.

ඉන්ධන රැුගත් කිසිදු බවුසරයක් අද ධාවනය නොකෙරෙන බවයි ඛනිජ තෙල් සංස්ථාවේ නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ. මේ වනවිට කොළොන්නාව මුතුරාජවෙල සහ සපුගස්කන්ද යන තෙල් ගබඩා පර්යන්තවල තොග තෙල් ගබඩා වසා දමා ඇති බව සභාපතිවරයා පැවසුවා.

ඊයේ පස්වරුවේ ඛනිජ තෙල් සංස්ථාවේ ඇති වූ නොසන්සුන්තාවයෙන් සිය සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්වීමට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබෙනවා. වර්ජනයේ නිරත වන්නන් පවසන්නේ නොසන්සුන්තාවයට හේතුවූ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගන්නා තුරු වර්ජනය අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බවයි.

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ඊයේ පැමිණි අවස්ථාවේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයක් මත ඔහුගේ ආරක්ෂකයෙකු සිදු කළ වෙඩි තැබීමකින් ඛනිජතෙල් වෘත්තීය සමිති සාමාජිකයෙකු මියගියේ ඊයේ පස්වරුවේදීයි.මියගොස් ඇත්තේ 34 හැවිරිදි කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තුවාල ලැබූ තවත් එක් පුද්ගලයෙකු තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. වෙඩි තැබීම සිදුකල ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර දෙමටගොඩ පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post