එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ඊයේ දිනයේදී නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඔහුට සහයෝගය පලකල බවට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වූවත්,අද දවසේදී ඔහු හිටපු ඇගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඔහුට සහාය පලකරන බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.නව අගමැතිවරයාට සුභ පැතීමේ අරමුණින් පමණක් ඊයේ දිනයේ එම හමුව සිදුවූ බවයි වාර්තා වන්නේ