News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

හෙට සිට වැස්සත් වැඩි වෙයි

833 Views


හෙට සිට වැස්සත් වැඩි වෙයි

දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්වයේ වැඩි වීමක් හෙට සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ උතුර උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ති්‍රක්කයේත් ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවයි
අකුණු මගින් සිදු වන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී සිටිනවා
මේ අතර නායයාමට ලක් වු හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වෙලිගම ප්‍රදේශයේ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමෙන් අනතුරුව ජනතාවට නායගිය ස්ථානයෙන් මාර්ගය දෙපස පයින් ගමන් කිරිම සදහා අද විවෘත කළා.
කාසල්රි ජලාශයට ඉහලින් වු හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වෙලිගම ප්‍රදේශයෙන් මාර්ගයේ කොටසක් මිටර් 45 පමණ කොටසක් ගිලා බැසීමට ලක් වුණේ පසුගිය 13 වනදායි
එම මාර්ගය අසල තිබු නිවාස පහක් සමග මාර්ගයේ කොටසක් කාසල්රි ජලාශයට නායයාමෙන් මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණා


News Articles
Latest Videos
Most Popular Post