News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

හම්බන්තොටින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනී

815 Views


හම්බන්තොටින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනී

නීති විරෝධී හා අනාරක්ෂිත අන්දමින් නිවසක ගබඩා කර තිබූ ඩෙටනේටර්, ඇමෝනියම් නයිට්‍රේට් සහ ඩයිනමයිට් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බළකායේ සූරියවැව කඳවුරේ නිලධාරින් විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා

හම්බන්තොට පොලිස් වසමේ පහළ අන්දරවැව ප්‍රදේශයේ නිවසක මෙලෙස අනාරක්ෂිත අන්දමින් පුපුරණ ද්‍රව්‍ය ගබඩා කර තිබිණි.

විදුලියෙන් ක්‍රියාකරන ඩෙටනේටර් නවසිය විස්සක් (920), පෙට්ටි හයක ගබඩා කර තිබූ ඩයිනා කරල් එක්දහස් දෙසීයකට අධික ප්‍රමාණයක් සහ ඇමෝනියම් නයිට්‍රේටි කිලෝග්‍රෑම් 25 බැගින් වූ උර පනහකට අධික ප්‍රමාණයක් නිවස තුළ ගබඩා කර තිබියදී පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරිහු සොයාගත්හ.


News Articles
Latest Videos
Most Popular Post