News Line| Off Air
Generic placeholder image

Oct
31

ජනතාව කනස්සල්ලෙන් බලාගෙන ඉද්දී අපිට හිනා වෙවී යන්න පුළුවන් වුණා නව අගමැති මහින්ද රාජපක්ෂ කියයි

976 Views


ජනතාව කනස්සල්ලෙන් බලාගෙන ඉද්දී අපිට හිනා වෙවී යන්න පුළුවන් වුණා නව අගමැති මහින්ද රාජපක්ෂ කියයි

තමන් ජනපතිවරණයෙන් පරාජය වූ විට ප්‍රතිඵල ඒමටත් මත්තෙන් නික්ම ගියත් ඇතැමි පාර්ශ්වයන්ට එසේ කටයුතු කළ නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.මුදල් අමාත්‍යාංශයේ වැඩ බාර ගැනිමෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළා.

“මට නම් මේවා අතහැරලා යන්නත් හරිම ලෙසියි. මම නව වැනිදා උදේ (2015/01/09) ප්‍රතිඵළ එන්නත් කලින් අත වන වනා ගියා. හබැයි සමහරුන්ට එහෙම යන්න බෑ. අත වන වනා හිනා වෙවී යන්න බෑ. අඩ අඩ ඒකේ ඇතුළට වෙලා ඉන්න හැකි. හැබැයි එයාලා දන්නේ නෑ පිට මිනිස්සු හිනා වෙනවා කියලා. හැබැයි ජනතාව කනස්සල්ලෙන් බලාගෙන ඉද්දී අපිට හිනා වෙවී යන්න පුළුවන් වුණා.”


News Articles
Latest Videos
Most Popular Post