News Line| Off Air
Generic placeholder image

Oct
31

ජනපති කතානායක හමුව පැයකුත් විනාඩි 20ක්, 16 වෙනිදාට පෙර පාර්ලිමේන්තුව රැස් කරනවාද..? මෙන්න තීරණය

2154 Views


ජනපති කතානායක හමුව පැයකුත් විනාඩි 20ක්, 16 වෙනිදාට පෙර පාර්ලිමේන්තුව රැස් කරනවාද..? මෙන්න තීරණය

ලබන 16 වනදාට පෙර පාර්ලිමේන්තුව කැදවිම පිලිබද අවසන් තීන්දුව ඉතා ඉක්මනින් දැනුම් දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කතානායක කරූ ජයසූරිය මහතා වෙත ප්‍රකාශ කර තිඛෙනවා

ඒ අද පස්වරුවේ ජනාධිපතිතුමා සහ කතානායකවරයා අතර ජනාධිපති ලේකම් කාර්්‍යාලයේ අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදීයි

කතානායක මාධ්‍ය අංශය නිවේදනයේ කලේ එම සාකච්ඡාව පැයකුත් මිනිත්තු 20ක කාලයක් පැවති බවයි

එහිදී කතානායකවරයා විසින් පවතින දේශපාලන තත්වය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිලිබදව දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කර තිඛෙනවා

එහිදී කතානායකවරයා ලබන 16 වනදාට පෙර පාර්ලිමේන්තුව කැදවන ලෙෂ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තිඛෙනවා

ඊට සාවදානව ඇහුම්කන්දුන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ලබන 16 වනදාට පෙර පාර්ලිමේන්තුව කැදවිම පිලිබද අවසන් තීරණය අවසන් තීන්දුව ඉතා ඉක්මනින් ප්‍රකාශ කල බව කතානායක මාධ්‍ය අංශය නිවේදනයේ කලා

මේ අතර අග්‍රාමාත්‍ය ධූරය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතිපතිවරයාගේ භූමිකාවට අනුකූලව තමා මතයක් ප්‍රකාශ කිරීම යෝග්‍ය නොවන බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා පවසනවා

නීතිපතිවරයා මේ බව සදහන් කලේ කතානායක කරූ ජයසූරිය මහතා වෙත ලිපියක් යොමු කරමින්

ඒ අනුව අග්‍රාමාත්‍ය ධූරය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ පැහැදිලි කිරීමක් කතානායකවරයාට ලැබී ඇති බවට පල වන වාර්තා අසත්‍ය බව කතානායක කාර්්‍යාලය නිවේදනය කරනවා

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි කිසියම් හෝ රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ගයන්ට යොමු වීමට ඉක්මන් නොවන ලෙස ද කථානායකවරයා විදෙස් නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කර තිඛෙනවා


News Articles
Latest Videos
Most Popular Post