News Line| Off Air
Generic placeholder image

Nov
1

අප්පච්චි මැරුණට රුක් අත්තන පෙට්ටියේ දාලා ආයෙත් පණ ගන්න පුළුවන්- ඇමති විජිත් විජේමුණි කියන අලුත්ම කතාව

861 Views


අප්පච්චි මැරුණට රුක් අත්තන පෙට්ටියේ දාලා ආයෙත් පණ ගන්න පුළුවන්- ඇමති  විජිත් විජේමුණි කියන අලුත්ම කතාව

හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම තමන් අනුමත කරන්නේ නැහැ කියලයි ධීවර, ජලජ සම්පත් සංවර්ධන හා ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා කියන්නේ.

ඔහු මේ ගැන මාධ්‍යට කිව්වේ අද මහනුව ශ‍්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුවයි.

“මම කිසිසේත් අනුමත කරන්නේ නෑ හිටපු අගමැතිතුමාගේ ආරක්ෂාව අඩු කිරීම ගැන. එතුමට නිසි ආරක්ෂාව දෙන්න ඕනේ. මේ ඔක්කොම අපේ රටේ පුරවැසියෝ පත්කරගත් නායකයෝ.”

“ඒකාබද්ධ විපක්ෂයේ කවුරුවත් මාව විවේචනය කළේ නෑ. වේදිකාවලදි බයින ඒවා එතරම් ගණන් ගත යුතු නෑ. මමත් අප්පච්චි මළා කිව්වේ.. සාමාන්‍යයෙන් නයි ගහලා මැරුණම රුක්අත්තන පෙට්ටියේ දානවා නේ. ඉතින් මැරුණත් පණ එන්න පුළුවන්. අහලා තියෙනවාද ඒ කතාව. රුක්අත්තන පෙට්ටියෙ දැම්මාම අයෙමත් පණ එනවා.”
මේ විදිහට තමයි ඇමතිවරයා අදහස් පළ කරලා තිබුණේ.


News Articles
Latest Videos
Most Popular Post