News Line| Off Air
Generic placeholder image

Nov
2

එජාප සහ ජවිපෙ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු එයි | පාර්ලිමේන්තුව ලබන 7වෙනිදා කැදවන බවට ආරංචි

1240 Views


එජාප සහ ජවිපෙ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු එයි | පාර්ලිමේන්තුව ලබන 7වෙනිදා කැදවන බවට ආරංචි

ලබන 07 වනදා පාර්ලිමේන්තුව කැදවීමට හැකියාවක් පවතින බව කතානායක කරූ ජයසූරිය මහතා මීට සුලූ මොහොතකට පෙර දැනුම් දී තිඛෙනවා

ඒ පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන පක්ෂ නියෝජිත රැස්වීමකට සහභාගී වෙමින්

පාර්ලිමේන්තුව කැදවීමේ හැකියාව පිළිබදව අද පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී තීරණයක් ගන්නා බවයි කතානායකවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ

පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන පක්ෂ නියෝජිත රැස්වීමට එක්සත් ජාතික පක්ෂය, ඉලංගෙයි තමිල් අරුසුකච්චි, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ වල නියෝජිතයින් සහභාගී වි සිටිනවා

කෙසේ වුවත් පාර්ලිමේන්තුව කැදවීමේ නිළ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බව රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මීට සුලූ මොහොතකට පෙර ප්‍රකාශ කලා

පක්ෂ නායක රැස්වීම අද පස්වරු 02 30 ට කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සිදු වුණා

පවතින දේශපාලන තත්වය සම්භන්ධයෙන් මෙහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා හා රතන හිමියන් අතර දිර්ඝ ලෙස සාකච්ඡා වී තිඛෙනවා


News Articles
Latest Videos
Most Popular Post