News Line| Off Air
Generic placeholder image

Nov
2

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහලට

725 Views


අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහලට

මුදල් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති විශේෂ වෙළද භාණ්ඩ බද්ද අඩුකර තිබෙනවා.

සීනි සඳහා කිලෝග‍්‍රෑමයකට රුපියල් 10 කින්, පරිප්පු සහ කඩල සදහා කිලෝග‍්‍රෑමයකට රුපියල් 5 කින්, උදු සදහා කිලෝග‍්‍රෑමයකට රුපියල් 25 කින් වශයෙන්. තිරිගු ඇට සදහා පැවති කිලෝග‍්‍රෑමයකට රුපියල් 6 ක් වූ තීරු බදු සහනය රුපියල් 9 දක්වා වැඩිකර තිබෙනවා.

ලොකු ළුෑණු සහ අර්තාපල් සදහා වන විශේෂ වෙළද භාණ්ඩ බද්ද කිලෝග‍්‍රෑමයකට රුපියල් 40 ක් ලෙස පවත්වාගෙන යනු ඇති.

වී වගාව සදහා කිලෝග‍්‍රෑම් 50 ක පොහොර මිටියක මිල රුපියල් 500 ක් ලෙස පවත්වාගෙන යනු ඇති. සෙසු බෝග සදහා කිලෝග‍්‍රෑම් 50 ක පොහොර මිටියක සහන මිල රුපියල් 1,500 සිට රුපියල් 1000 දක්වා අඩු කර තිබෙනවා. කෘෂිකාර්මික ආදායම මත බද්ද පවතින උපරිම අනුපාතය 24% සිට 14% ක් දක්වා අඩු කිරීමටයි පියවර ගෙන ඇත.

ගොවීන් ගත වු වසර 3 ක කාලය තුළ වාණිජ බැංකු මගින් ලබාගත් රුපියල් මිලියන 50 ක උපරිමයක් දක්වා වන ණය මුදල සදහා වූ පොලී සහ දඩ මුදල් සම්පූර්ණයෙන්ම කපා හැර එම පිරිවැය රජය විසින් දරා ගැනීමටයි තීරණය කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post