ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයෙකු වශයෙන් කටයුතු කරමින් අරලියගහ මන්දිරය රජයට භාරදීමට පියවර ගන්නා ලෙස පැවිදි හඬ සංවිධානය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ එම මන්දිරයේ ගෞරවයට හානි නොකර එම නිළ නිවාසය රජයට භාරදීමට පියවර ගන්නා ලෙසටයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයන්ට අභියෝග කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙකුගේ සදාචාරාත්මක ක්‍රියාවක් නොවන බව ද එම නිවේදනයේ සඳහන් වෙනවා.