මේ වසරේ ගත වූ කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 41 301 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඔක්තෝම්බර් මාසයේ ගත වූ දින 25 තුළදී රෝගීන් 1 109 දෙනෙකු වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන්.
එම සංඛ්‍යාව 7 803 ක්.
ගම්පහ කලූතර යාපනය මහනුවර කුරුණෑගල පුත්තලම වැනි දිස්ත‍්‍රික්ක වලින් ද වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනවා.
මේ වසරේ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 44 ක්.
කඩින් කඩ ඇති වන වර්ෂාවත් සමග ඩෙංගු ව්‍යාප්තිය යළි ඉහළ යා හැකියි.
එම තත්වය පාලනය කිරීම සදහා සිය අවට වටපිටාව පිරිසිදුව තබා ගන්නැයි සෞඛ්‍ය අංශ දැනුම් දී සිටිනවා.