ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දමා තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 11 කින් පහළ දමා ඇති බවයි.
ඒ අනුව ඔටෝ ඞීසල් ලීටරයක නව මිල රුපියල් 118 ක්
ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල පහත දමා ඇත්තේ රුපියල් 2 කින්
ඒ අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 153 ක් වනවා
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල වල ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් පහත දැමුණේ පසුගිය පළමුවනදා මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදියි
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 145 ක්
රුපියල් 7 කින් පහළ දැමුණු ඔටෝ ඞීසල් ලීටරයක නව මිල රුපියල් 116 ක්