News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

පාර්ලිමේන්තුව කැදවන ජනාධිපතිතුමාගේ තීරණය

1110 Views


පාර්ලිමේන්තුව කැදවන ජනාධිපතිතුමාගේ තීරණය

පාර්ලිමේන්තුව කැදවන දිනය පිළිබද ජනාධිපතිතුමාගේ තීරණය අද පස්වරුවේ කතානායකවරයාට දැනුම් දීමට නියමිතයි.

කතානායක මාධ්‍ය අංශය සදහන් කලේ ජනාධිපතිතුමාගේ දැනුම් දීමට අනුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව කැදවීමේ දින ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.

කතානායක කරූ ජයසූරිය මහතා හා පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් අද කතානායක නිල නිවසේදි පැවැත්වුණා.

සාකච්ඡාවෙන් අනතුරුව කතානායකවරයා විසින් ජනාධිපතිතුමා දූරකථනයෙන් අමතා ප්‍රකාශ කර ඇත්තේ ලබන 07 හෝ 08 යන දින පාර්ලිමේන්තුව කැදවන ලෙසයි.

ඒ පිළිබද තීරණය අද පස්වරුවේ දැනුම් දෙන බව ජනාධිපතිතුමා එහිදි ප්‍රකාශ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post