News Line| Off Air
Generic placeholder image

Nov
3

අග‍්‍රමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට දුන් නියෝගය අහෝසියි

1246 Views


අග‍්‍රමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට දුන් නියෝගය අහෝසියි

අග‍්‍රමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත කිරීමට පොලිස්පතිවරයා නිකුත් කළ විශේෂ පොලිස් පණිවුඩය අවලංගු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව නියෝග කර ඇතැයි වාර්තා වනවා

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සදහන් කළේ අදාළ පත් කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගෙන නොතිබීම හේතුවෙන් එම පියවර ගෙන ඇති බවයි

අග‍්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් සිටි ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පී එන් ගුරුගේ මහතා එම තනතුරින් ඉවත් කර එම කොට්ඨාසයේම සාමාන්‍ය රාජකාරි සඳහා යෙදවීමට අදාළව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පසුගිය 30 වනදා නියෝග කර තිබුණා

එම කොට්ඨාසයේ ස්ථානාධිපති තනතුරට පොලිස්පතිවරයා විසින් පත්කළේ චාවකච්චේරි මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එම් එස් බී වික‍්‍රමසිංහ මහතායි

නමුත් ඒ සදහා අනුමැතිය ලබා නොතිබීම හේතුවෙන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම අවලංගු කිරීමට ජාතික පොලිස් කොමිසම නියෝග කර තිබෙනවා


News Articles
Latest Videos
Most Popular Post