ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්තනෝමතික පාලනයට එරෙහිව ලොව අන් රාජ්‍යයන් නැගී සිටිය යුතු බව ඉරාන නායක අයතොල්ලා අල් කමේනි පවසනවා.
එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරාන නායකයා සදහන් කලේ 1979 වසරට පෙර ඇමෙරිකාව ලොව පුරා පතුරුවාගෙන සිටි ආධිපත්‍යය යළි ව්‍යාප්ත කිරීමට ට්‍රම්ප් උත්සාහ දරන බවයි.
නමුත් එය අසාර්ථක ප්‍රයත්නයක් බවත් ට්‍රම්ප් ප්‍රතිපත්ති විරෝධී පුද්ගලයෙකු බවත් අයතොල්ලා අල් කමේනි සදහන් කලා.
ලබන 05 වනදා සිට ඉරානයට එරෙහිව යළි සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපදය මේ වන විට සුදානමින් සිටිනවා.
2015 වසරේ§ බරක් ඔබාමාගේ පාළන සමයේදී ඉරානය සමග ඇති කරගනු ලැබූ න්‍යෂ්ටික ගිවිසුම යටතේ ඉවත් කරනු ලැබූ සම්බාධක මෙලෙස යළි පැනවීමට ට්‍රම්ප් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
ඉරානයේ බලශක්ති” නාවික සහ බැංකු අංශ ඉලක්ක කර ගනිමින් සම්බාධක පැනවීමට නියමිත බවයි ධවල මන්දිරය නිවේදනය කළේ.
මේ අතර ඉරානයෙන් තෙල් ආනයනය කරනු ලබන රටවල් 08 ක් සදහා සම්බාධක නොපැනවීමට ඇමෙරිකාව තීරණය කර තිබෙනවා.
ඉරානය සමග ඇති කර ගත් ගිවිසුම් ප්‍රකාරව යුරෝපා කොමිසමට අයත් වන රටවල් ඒ අනුව අඛණ්ඩව ඉරානය සමග ගනුදෙනු සිදූකිරීමට නියමිතයි.