ලබන 16 වැනිදාට කැඳවීමට ගැසට් කර තිබූ පාර්ලිමේන්තු සැසිවාරය ඊට පෙර කැඳවීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙනවා.
පාර්ලිමේන්තුව කැඳවන දිනය අද (04) පස්වරුවේ ජනාධිපතිතුමා විසින් තීරණය කරනු ඇති බවයි ඒ අනුව වාර්තා වෙන්නේ.
හෙට උදෑසන ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවන දිනය ප්‍රකාශයට පත් කරනු ඇති බවද වැඩි දුරටත් වාර්තා වුණා.
ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව කැඳවීමට බලය ඇත්තේ ජනාධිපතිතුමාටයි.