News Line| Off Air
Generic placeholder image

Nov
4

රංගෙට දුන්නා කියන ඇමතුම ගැන SB කියන කතාව

1944 Views


රංගෙට දුන්නා කියන ඇමතුම ගැන SB කියන කතාව

තමන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගේ බණ්ඩාරට දුරකතන ඇමතුමක් ලබා දුන් බව පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායක මහතා පවසනවා.

එහෙත්, මුදල් ලබා දී ඔහු ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමට තමා කිසිවිටෙකත් ආරාධනා නොකළ බවයි මන්ති‍්‍රවරයා අවධාරණය කළේ.

කෙසේවෙතත් අමාත්‍ය ධූරයක් ලබා ගැනිමට තමා ආරාධනා කළ බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායක  කියා සිටියා. තමා නොව පාලිත රංගේ බණ්ඩාර මන්ති‍්‍රවරයා තමාට අවස්ථා කිහිපයකදී දුරකථන ඇමතුම් ලබා දුන් බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර රංගේබණ්ඩාර මන්තී‍්‍රවරයා නව රජයට එක් කර ගැනීමට තමන් අතරමැදියෙක් ලෙස කටයුතු කළ බවට ඔහු එල්ල කරන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ද පවසා ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post