News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

ජල විදූලි නිෂ්පාදනය ඉහළට

419 Views


ජල විදූලි නිෂ්පාදනය ඉහළට

පවතින වැසි සහිත කාලගුණයත් සමග මේ වනවිට ජල විදූලි නිෂ්පාදනය සියයට 60 ත් 65 ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව විදූලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එහි අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සියත ප්‍රවෘත්ති වෙත කියා සිටියේ මේ වනවිට ජල විදූලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සියයට 90 ඉක්මවා ඇති බවයි.

දෛනික විදූලි පරිභෝජනය ද ගිගාවොට් පැය 35 ත් 40 ත් අතර මට්ටමක් දක්වා අඩු වී තිබෙනවා.

දිවයිනේ විශේෂයෙන් නැගෙනහිර සහ උතුරුමැද පලාත්වල වැසි තත්වයේ වැඩි වීමක් හෙට සිට අපේක්ෂා කල හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

වෙන් දිවයිනේ විශේෂයෙන් නැගෙනහිර සහ උතුරුමැද පලාත්වල වැසි තත්වයේ වැඩි වීමක් හෙට සිට අපේක්ෂා කල හැකි වනවා

දිවයිනට දකුණුදිග මධ්‍යම බෙංගාල බොක්ක මුහුදූ ප්‍රදේශයේ තවදූරටත් අඩු පීඩන තත්වයක් වර්ධනය වෙමින් පැවතීම මීට හේතුවයි.

මෙම අඩු පීඩන තත්වය තවදූරටත් වර්ධනය වෙමින් දිවයින දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතින බැවින් ඉÈරි කාලගුණ නිවේදන සම්බන්ධයෙන් ජනතාව” ධීවර හා නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවිය යුතු වනවා.


News Articles
Latest Videos
Most Popular Post