ජන මහිමය ජන රැලිය අමතමින් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ ආකාරයට අදහස් පළ කර සිටියා.
“අපි වෙන්වෙලා හිටියා නොයෙක් දේවල් එකිනොකට කියා ගත්තා. මේ අවස්ථාවේදි ජනධිපතිවරයා මේ රටේ ජනතාවගේ තීන්දුව පිළිඅරගෙන රට වෙනුවෙන් වගකියයුතු තීන්දුව ගැනීම ගැන ස්තූතිය ප්‍රකාශ කරනවා.මේක භාරදූර කාර්යයක්. මම ජනාධිපතිවරයා ලෙස හිටියනම් මේ දේ කරන්නේ නෑ කියලා මම එතුමට කිව්වා. මම නම් බැදගත්ත බෙරේ ගහනවා කිව්වා. අපිට වැඩ කරන්න අමාරු නෑ. අද සියලු දෙනාම විශාල කැපවීමක් කරලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාවට සහන සැලසීමටයි. ඉස්සරත් මෛත්‍රීපාල සිරිසේන මහතා ලේකම් ඉන්දැද්දී මම වචන දෙක තුනක් කතා කරලා ෂේප් වෙනවා. අදත් කරන්නේ ඒ දේමයි. මේ එකතුව ආයෙමත් කේලම් වලින් කඩන්න බෑ. අපි ස්ථාවරත්වයට ඇවිත් තිබෙනවා.”