News Line| Off Air
Generic placeholder image

Nov
5

ඕස්ට්‍රේලියාවත් පරාජයන් රැසකට මුහුණදෙයි

575 Views


ඕස්ට්‍රේලියාවත් පරාජයන් රැසකට මුහුණදෙයි

ඕස්ටේ‍්‍රලියානු ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට එක්දින පරාජයන් රැල්ලකට හසුව තිබෙනවා.

සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගය ඔවුන් ඊයේ (04) පරාජයට පත්වූයේ පිට පිටම හත්වන එක්දින තරග පරාජයත් වැළඳ ගනිමින්.

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මෙම වසරේ මේ දක්වා සහභාගී වූ එක්දින තරග 11න් ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණයි.

පර්ත්හි ඊයේ පැවති තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලකුණු 152කට සීමා කිරීමට දකුණු අප‍්‍රිිකානු පන්දු යවන්නන් සමත් වුණා. 30 වන පන්දුවාරයේදී කඩුලූ 04ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යමින් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම මෙම තරගයේ ජය වාර්තා කළා.

මේ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ එක්දින තරග 17කට ක‍්‍රීඩා කරමින් ජයගෙන ඇති තරග සංඛ්‍යාව 06ක්.


News Articles
Latest Videos
Most Popular Post