News Line| Off Air
Generic placeholder image

Nov
5

මුහුදු ගිය අය අද රාත්‍රියට පෙර ගෙදර එන්න – විශේෂ දැනුම්දීමක්

1360 Views


මුහුදු ගිය අය අද රාත්‍රියට පෙර ගෙදර එන්න – විශේෂ දැනුම්දීමක්

අද (05) සිට ලබන 08 වැනිදා දක්වා මුහුදු යාමෙන් වළකින ලෙස එක්දින සහ බහුදින යාත‍්‍රා ධීවරයින්ට, ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

නිරිත දිග බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ සහ මන්නාරම් බොක්ක ප‍්‍රදේශයේ දැනට ධීවර කටයුතුවල නිරත ධීවරයින්ට අද (05) රාත‍්‍රියට පෙර ගොඩබිම් ප‍්‍රදේශ වෙත හෝ ආරක්ෂිත මුහුදු ප‍්‍රදේශයක් වෙත ගමන් කරන ලෙයසි එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙන්නේ.

එම ප‍්‍රදේශවල අද රාත‍්‍රිය වනවිට අඩු පීඩන තත්වයක් නිර්මාණය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබෙනවා.

මේ නිසා අද රාත‍්‍රියේ සිට දිවයින සහ දිවයින අවට මුහුදු ප‍්‍රදේශවල පවතින වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post