සියලූ අමාත්‍යාංශ ලේකම්වරුන් හා ආයතන ප‍්‍රධානීන් වෙත පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර ලිපියක් යොමු කර තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයා ලෙස දක්වමින්.කතානායකවරයා නව අගමැතිට හිමි බහුතරය පෙන්වන තුරු පෙර පැවැති තමන්ගේ රජය පිළිගන්නා බවට ප‍්‍රකාශයක් නිකුත් කර ඇති බැවින් නව පාර්ශවය රජයේ සේවකයන්ට නිකුත් කරන නියෝග නීති විරෝධී හා බලරහිත බවයි එම ලිපියේ දක්වා තිබුණේ. එබැවින් අදාළ නියෝග නොපිළිපැදිය යුතු බවත්, බලරහිත හා නීතිවිරෝධී නියෝග කි‍්‍රයාත්මක කරන නිලධාරීන්ට විනයානුකූලව පියවර ගන්නා බවත්, එම ලිපියේ දක්වා තිබෙනවා.