News Line| Off Air
Generic placeholder image

Nov
6

ජනපති කාර්යාලයට ගිය හේතුව රාජිත කියයි

745 Views


ජනපති කාර්යාලයට ගිය හේතුව රාජිත කියයි

ජනාධිපතිගේ ආරාධනාවකට අනුව සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලයට ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (05) පැවැති මාධ්‍ය හමුවකදී පවසා තිබෙනවා.

වත්මන් තීරණය ගැනීමට ඉවහල් වූ හේතු ගැන එහිදී ජනාධිපතිවරයා දීර්ඝ ලෙස විස්තර කළ බව කී රජිත සේනාරත්න මහතා ඒ හේතු අසා සිටි තමා ජනපතිට ප්‍රතිඋත්තර ලබාදුන් බවද කියා තිබෙනවා.

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවේදී තමා සාක්ෂියක් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතාද සමඟ ගිය බවද රාජිත සේනාරත්න මහතා පැවැසීය.

වත්මන් ප්‍රශ්නය නීත්‍යානුකූලව විසඳා ගැනීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී මූලික අවධානය යොමු වූ බව කී මන්ත්‍රීවරයා සාකච්ඡාව සාර්ථක යැයි හැගෙන නමුත් ඒ කරුණු ක්‍රියාත්මක වීම ගැන හෝ නොවීම ගැන කිසිවක් කිව නොහැකි බවද සඳහන් කළේය.

ජනාධිපති කී කරුණු එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාටද සැල කළ බව රාජිත සේනාරත්න මහතා පවසනවා.

තමා සමඟ කළ සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිට තිබූ සැක සංකා බෙහෙවින් අඩු වූ බවක් පෙනෙන්නට තිබූ බවද සේනාරත්න මහතා සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මහතා මේ කරුණු හෙලිදරව් කළා.


News Articles
Latest Videos
Most Popular Post