ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයට තරඟය නිම කරන විට එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලූ 08 ක් දැවී ලකුණු 321 ක් ලබා සිටියා
තරඟය පැවත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී
දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහර දෙන ඛෙන් ෆෝක්ස් ලකුණු 87ක් ද ජැක් ලීච් ලකුණු 14ක්ද රැස්කරගෙන සිටියා
පන්දු යැවීමේදී දිල්රුවන් පෙරේරා කඩුළු 4 ක් සුරංග ලක්මාල් කඩුළු 2 ද අකිල ධනංජය සහ රංගන හේරත් එක් කඩුල්ලක් බැගින් දවා ගනීමට සමත් වුණා
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ටෙස්ට් කඩුලූ 100 ඉලක්කය සම්පූර්ණ කිරීම සඳහා එක් කඩුල්ලක් පමණක් අවශ්‍යව සිටි රංගන හේරත් එංගලන්ත නායක ජෝ රූට් පිටියෙන් ඉවත් කරමින් සිය ඉලක්කයට සපුරාගත්තා
ලොව වැඩිම කඩුලූ සංඛ්‍යාවක් දවාගත් ටෙස්ට් පන්දු යවන්නන් අතර 10 වැනි ස්ථානයේ රැඳී සිටින රංගන හේරත් දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 431 ක්
ඔහුගේ ක්‍රිකට් දිවියේ සහභාගී වන අවසන් ටෙස්ට් තරගය ද මෙයයි