News Line| Off Air
Generic placeholder image

Nov
6

පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ලංකාව ගැන නිවේදනයක්

758 Views


පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ලංකාව ගැන නිවේදනයක්

ශ්‍රී ලංකාවේ මතුව තිබෙන දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් මුණ ගැසෙනු ඇතැයි තම බලාලොරොතුව බව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනු ලැබුවා.

එසේම නොවැම්බර් 14 දා පාර්ලිමේන්තුව කැඳවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරියගේ අවධානයට යොමුව ඇති බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

ශ්‍රී ලංකාවේ නීතියත්, ව්‍යවස්ථාවත් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දේශපාලන පක්ෂ අතරත් ජනතාව අතරත් පුළුල් සාකච්ඡාවක් සඳහා උනන්දු කරන බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

එසේම ශ්‍රී ලංකා රජයට හා ජනතාවට සහායක් අවශ්‍ය නම් ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රජාවත් සමග එක්ව සහාය දක්වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.


News Articles
Latest Videos
Most Popular Post