හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිද ගමන් කරමින් තිබු ජීප් රථය අද (07) උදෑසන හක්මන දෙනගම ප්‍රදේශයේ දී අත් ට්‍රැක්ටරයක හැපී අනතුරට ලක්වීමෙන් ට්‍රැක්ටර් රියදුරා තුවාල ලබා ඇතැයි හක්මන පොලීසිය පවසනවා.එම අනතුරින් ගොඨාභය රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ බිරිද අනෝමා රාජපක්ෂ මහත්මියට කිසිදු හානියක් සිදු වී නොමැති බවත් එම නිවේදනයේ සදහන්.
අත් ට්‍රැක්ටරයේ හැපීමෙන් පසු ඔවුන් ගමන් කළ ජීප් රථය පාරෙන් ඉවතට පැන ඒ අසල කොට්ටම්බා ගසක හැපී නැවතී තිබුණා.මෙම අනතුරට සම්බන්ධ ජීප් රථය හා අත් ට්‍රැක්ටරය වැඩි දුර පරීක්ෂණ සදහා පොලීසිය භාරයට ගෙන තිබුණා.එමෙන්ම ජීප් රථය පැදවු රියදුරු සැක පිට අත් අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.