නව කථානායකවරයෙකු පත්කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ඇතුලු එක්සත් ජනතා නිදහස් සන්ධානය සැලසුම් කරගෙන යන බවට වාර්තා වෙනවා. ලබන 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවු පසුව මන්ත්‍රිවරුන් 113කගේ සහය මෛත්‍රිපාල-මහින්ද නව රජයට ලැබී තිබුණහොත් යෝජනාවක් ගෙනවිත් කරු ජයසූරිය කථානායකධූරයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇතැයිද වාර්තා වෙනවා.
එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ සිටින ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කථානායක ධුරය ලබාදිය යුතු බවටත් යෝජනා ඉදිරිපත් වී තිබෙන බව සදහන්.