නව අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතාට සහාය නොදක්වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන් තමන් හා තම පක්ෂය නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි. ඔහුගේ පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බවත් හකීම් මහතා සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් කියා සිටියා.