News Line| Off Air
Generic placeholder image

Nov
8

ජනපති දුන් දේශමාන්‍ය පදක්කම නෙස්සයියා ආයිත් ජනපතිටම දෙයි

1794 Views


ජනපති දුන් දේශමාන්‍ය පදක්කම නෙස්සයියා ආයිත් ජනපතිටම දෙයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට ලබාදුන් දේශමාන්‍ය පදක්කම යළි ලබාදීමට ශ්‍රී ලංකාවේ ප්‍රකට සමාජ සේවකයේ වෙන ආචාර්ය දේවනාසන් නෙස්සයියා තීරණය කර තිබෙනවා.2017 වසරේ මාර්තු මාසයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුට මෙම සම්මානය ලබාදීමට කටයුතු කර තිබුණා.
ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ 70 වසරක් පැරණි දේශපාලනය ගැටලුකාරී තත්ත්වයකට පත්කිරීමට අදාළව පසුගිය සති කිහිපය තුළදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් ක්‍රියාමාර්ගවලට විරෝධය දක්වමින් එම පදක්කම හා සහතික ආපසු ලබාදීමට තීරණය කළ බවයි.එසේම මේ දිනවල තමන් විදේශගතව සිටින බවත් නැවත ශ්‍රී ලංකාවට පැමිණි වහාම එම පදක්කම් හා සහතික නැවත ජනපති ලේකම් කාර්යාලයට ලබාදීමට කටයුතු කරන බවත් ඔහු ජනපතිවරයාට යොමුකළ ලිපියේ දැක්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post