මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගෙන දින කිහිපයක් ඇතුළත සිය ස්ථාවරය වෙනස් කිරීම සම්බන්ධයෙන් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය කථානායක කරු ජයසුරිය එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.එහිදී අදහස් දැක්වූ මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ කථානායකවරයා ව්‍යවස්ථා විරෝධීව, සම්ප්‍රදාය විරෝධීව, සදාචාර විරෝධීව, සාතිශය බහුතර ජනතාවගේ අභිලාෂයට එරෙහිව අත්තනෝමතිකව කටයුතු කරන බවයි.විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජා ගුණරත්න මහතා පැවසුවේ,1994, 20 අංක දරන අල්ලස් පනතේ 70 වගන්ති ප්‍රකාරව රනිල් වික්‍රමසිංහ මහතාට පක්‍ෂග්‍රාහීව කටයුතු කිරීමෙන් කරු ජයසූරිය වසර දහයක කාලයක උපරිමයකට යටත්ව සිරදඬුවම් ලැබිය හැකි වරදක් බැලූ බැල්මට කර ඇති බවයි.