News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

පාර්ලිමේන්තුව කැඳවූ සැනින් ඡන්දය විමසන්න – යුරෝපා සංගමය දන්වයි

1081 Views


පාර්ලිමේන්තුව කැඳවූ සැනින් ඡන්දය විමසන්න – යුරෝපා සංගමය දන්වයි

යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව කැඳවූ සැනින්ම ඡන්ද විමසීමක් පවත්වා මතය විමසන්නැයි පවසනවා.

ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙමින් තිබෙන දරුණු අවිනිශ්චිත තත්ත්වය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වීම අත්‍යවශ්‍ය යැයි නිවේදනය නිකුත්කර ඇත්තේ කොළඹ යුරෝපා සංගම් කාර්යාලයයි.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිවරයා, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව යන රටවල තානාපතිවරුන්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා සහ නෝර්වේ සහ ස්විට්සර්ලන්ත යන රටවල තානාපතිවරු ප්‍රමුඛ යුරෝපා සංගම් දූත පිරිස ඒකාබද්ධව එම නිවේදනය නිකුත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post