News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

පොලිස් ලොක්කන් සිව් දෙනෙකුට එරෙහිව සැරයන්ගේ පැමිණිල්ල

1525 Views


පොලිස් ලොක්කන් සිව් දෙනෙකුට එරෙහිව සැරයන්ගේ පැමිණිල්ල

තම මානව හිමිකම් කඩ වු බවට පවසමින් උසස් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා ඊයේ (8) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

තෙඹුවන ප‍්‍රදේශයේ දී බලපත‍්‍ර නොමැතිව වැලි ටිපර් රථයක් තමන් විසින් අත්අඩංගුවට ගෙන නීතිය කටයුතු කිරීම සඳහා තෙඹුවන පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසු උසස් නිලධාරීන් අධිකරණ කටයුතු සිදු නොකර එම සැකකරු මුදා හැරීම සම්බන්ධයෙන් තමන් වැරදිකරු කරමින් කෲර ලෙස සැළකීමත් මානසික පීඩාවට පත්වන ලෙස කටයුතු කිරිමටත් එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

මතුගම සහකාර පොලිස් අධිකාරි සංජය ඉරසිංහ, තෙඹුවන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුලානන්දන්, දොඩංගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර යන මහත්වරුන්ට එරෙහිව පොලිස් සැරයන්වරයා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post